What to do when a child asks, why this night sky so dark? What to do when a child asks, why this night sky so dark? Creator: vovan13 | Credit: Getty Images/iStockphoto

ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි.

මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා. 

 

නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි?

 

සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ?

 

ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.

 

(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න).

 

ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.

 

එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS. 

 

එය ඇසුරෙන් සකසණු ලබන, අද සිට සෑම බදාදාවකම තතු  ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.

 

පිළිතුරු සපයනු ලබන්නේ Christopher Potter  විසින්;

 

60 හැවිරිදි  Christopher Potter ගණිතය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් මෙන්ම විද්‍යාවේ ඉතිහාසයහා දර්ශනය පිළිබඳ විද්‍යාපති උපාධියක් ද හිමි අයෙක්. ප්‍රකට ග්‍රන්ථ ප්‍රකාශක සමාගමක සංස්කාරවරයෙකු ලෙස  වසර ගණනාවක්ම  සේවය කළ හෙතෙම, පසුව වෘත්තීය ලේඛකයෙකු බවට පත්වුණා.

 

මුල්ම කෘතියෙන් ජනප්‍රියභාවයට පත් Potter ගේ කෘති විවිධ භාෂාවන්ට පරිවර්තනය වෙලා තිබෙනවා. මේ වසරේ ජනවාරියේ ඔහු නැවතත් ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයට සම්බන්ධවෙමින් Europa Editions UK හී සංස්කාරක අධ්‍යක්ෂ ලෙස පත්වී සිටිනවා.

 

අහස රාත්‍රියට අඳුරු ඇයි?

 

අපි පුංචි කාලේ  නිතරම ප්‍රශ්න අහනවා. එහෙම වුණත් අපි ලොකු වෙනකොට අපිට ලැජ්ජාවක් වගේ හිතේ කෝල ගතියක් හිතිලා, නිතර  නිතරම ප්‍රශ්න අහන එක අප නවත්තන්න බලනවා.

 

සමහරවිට ඒ අපි නොදන්න දේවල් පිළිගන්න අපේ තියෙන  අකැමැත්ත  නිසා වෙන්නත් පුළුවන්. ඒත් ඒක  ඇත්තටම කනගාටු වෙන්න ඕනේ කරුණක්, මොකද ප්‍රශ්න අහන එක ඇත්තටම ඉතාම වැදගත් දෙයක්.

 

අයින්ස්ටයින් වැනි විශිෂ්ට විද්‍යාඥයන් අන් අය අතරේ  විශිෂ්ටයන් බවට පත්වෙන්න අර්ධ වශයෙන් හේතු  වුණේ අනික් සියලු දෙනාට පැහැදිලි හා සාමාන්‍යයයි සිතූණු දේවල් පිලිබදව ඔවුන් ප්‍රශ්න අහපු නිසායි.

 

“අහස රෑට අඳුරු ඇයි?” කියන ප්‍රශ්නයත් (ඉහත කීවා වගේ) බැලූ බැල්මට හරි සරල ප්‍රශ්නයක්. එයට මුලින්ම දෙන්න පුළුවන් සරල පිළිතුර තමයි “හවසට ඉර බැස යාම” . ඒත්, ඒක ඒ තරම් හරියන උත්තරයක් නෙවෙයි වගේ. 

 

මොකද මෙහිදී සූර්යයා චලනය වෙන නතිනම් ‘කොහේ හරි යන බවක්’   හඟවන නිසා. සූර්යයා සිතිජයට ඉහලින් ගමන් කරන බවක් පෙනෙන්නට තියෙන නමුත්  යථාර්ථය තමයි මේ චලනය, මේ ‘ගමන් කිරීම’ ඇත්තටම පෘථිවිය තම අක්ෂය වටා ගමන් කිරීම නිසා ඇතිවන්නක් බව.

 

මෙහිදී අපිට පේන්නෙ සූර්යයා අහස හරහා ගමන් කරනවා වගේයි. ඉතින්  මේ සරල පැහැදිලි කිරීම පවා  සූර්යයා ට සාපේක්‍ෂව පෘථිවියේ චලිතය පිළිබඳ සිතීමට, ප්‍රශ්න ඇසීමට අප පොලඹවනවා. “අපි කොහොමද දන්නේ පෘථිවිය චලනයවෙනවා කියලා?” වගේ ප්‍රශ්න අපේ හිතට පහසුවෙන් නැගෙන්න පුළුවන්.

 

ඇතැම් වෙලාවට ප්‍රශ්නයක් පිළිබඳ සිතන්න හොඳම ක්‍රමය තමයි ඒ ප්‍රශ්නය ගැන ප්‍රශ්න කිරීම. අපේ මාතෘකාවෙන් අහන ප්‍රශ්නය තමයි, අහස රාත්‍රියට අඳුරු ඇයි? යන්නනේ.

 

ඉතින් අපට පුළුවන් අහස ඇත්තටම රෑට අඳුරු ද? කියලා අහන්නත්, නේද?.ඔබ ජීවත් වන්නේ ඇත්තටම විදුලි ආලෝකයෙන් පිරි නගරබද ප්‍රදේශවලින් බැහැරව, ගම්බද ප්‍රදේශයක නම් ඔබට ඇත්තටම දැකගන්න පුලුවන් වෙයි සඳ නැති රාත්‍රීයේ පවා ඉතා දුර ඈත තරු වල එළියෙන් අහස යම් තරමක් ආලෝකමත් ව තියෙන බව.

 

ගැඹුරින් සිතීමට හුරුපුරුදු වූ  ඇතැම් චින්තකයන් සියවස් ගණනාවක් තිස්සේ  කල්පනා කරපු දෙයක් තමයි, අහස මීට වඩා දීප්තිමත් නැත්තේ මොකද කියන එක.

 

සමහර දාර්ශනිකයන් සහ විද්‍යාඥයන් කල්පනා කරන අන්දමට  විශ්වය සදහටම පවතිනවා නම් ඒ වගේම අපිරිමිත  විශ්වයේ  අනන්ත සංඛ්‍යාවක්  තරු පවතිනවා නම්, ඒ අනන්ත තරු වල ආලෝකයෙන් රාත්‍රී අහස ඇත්තටම ආලෝකමත් විය යූතුයි. කොහොමටවත්ම අඳුරු වෙන්න නම් බැහැ!

 

ඒ වුණත් විශ්වය – අභ්‍යාවකාශයම පුළුල් වෙනවා කියලා හිතන්න. ඒ ආකාරයට එන්ට එන්ටම  ප්‍රසාරණය වෙන විශ්වයක, ඈත තාරකා වලින් අපට ලැබෙන ආලෝකය තව තවත් දුරස් වෙනවා.

 

රාත්‍රී අහස අඳුරු ඇයි කියන කාරණය සම්බන්ධයෙන් අපට  එයින් පැහැදිලිකිරීමක් කරගන්න, යම් ‘එළියක්’ ලබාගන්න  පුළුවන්.

 

රාත්‍රී අහස අඳුරු ඇයි යනුවෙන් ඔබ අහපු ප්‍රශ්නය, විශ්වය අසීමිත ද නැද්ද යන්න හා බැදුනු ගැඹුරු ප්‍රශ්නයක්.

 

ඒ වගේම එය තවමත් විද්‍යාඥයන්ට පවා ප්‍රහේලිකාවක්ව පවතින ගැටලුවක්.

 

සටහන් අයිතිය: රොෂාන්

Rate this item
(0 votes)
K Dinesh Kumara

Founder and Editor, of PC World Online Magazine

I'm an Entrepreneur and an Educator. I like ICT, Psychology, Financial Literacy, Meditation, and Yogic Sciences. Discovering, learning, experiencing, and sharing is my hobby.

Leave a comment

Dear valued users,

We welcome you to the PC World Magazine Website and appreciate your interest in commenting on our articles. This platform is intended for thoughtful discussions and exchanging ideas and information related to the topic of the article. However, please be mindful that we do not tolerate any illegal activities or marketing purposes. Misusing the comment section for such purposes will result in the immediate removal of the comment and could result in the termination of your account. We ask that you keep your comments respectful, on-topic, and relevant to the article. Additionally, please do not post personal information, hate speech, or offensive content. Thank you for your cooperation in creating a positive and productive environment for all users on the PC World Magazine Website.

Best regards,
PC World Magazine Team

2 comments

  • urbarfbek

    urbarfbek - ඉරිදා, පෙබරවාරි 26 2023

    best cialis online Elida Pecora couldn t care less is it legal to sell CBD oil in NJ divine body, and was extremely shocked

    Report
  • aliemia

    aliemia - සිකුරාදා, පෙබරවාරි 24 2023

    On the other hand, extra rain can dilute some of the nutrients that the mosquitoes need cialis 5mg best price Finding out what groups are offered, where, when and how to get there makes it easier for her to connect with others who are struggling or have struggled like she has

    Report

The Technology Video of The Day

එන්න අදම අපේ YouTube වැනල් එකට

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.

KDKTEC AND PC World Online Television

Email Newsletter Subscription

Fill out the subscription form by providing your email address and name. Click on the "Subscribe" button to complete the process.


Receive HTML?

Thank you for choosing to stay updated with our latest news and offerings!
Joomla Extensions powered by Joobi

කාණ්ඩ අනුව ලිපි එකතුව

දින අනුව ලිපි සංරක්ෂිතය

« March 2023 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

පැමිණීම් ගණකය

052708687
අද දිනය
ඊයේ දිනයේ
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දිනවල
19969
54290
299918
51517721
1860025
1671166
52708687
ඔබේ අයිපී අංකය: 185.191.171.37
2023-03-31 09:08
Go to top