KDKTEC OSPOS යනු ලොව මිලියන ගණනක් ව්‍යාපාර කරුවන් ඔවුන්ගේ වෙළඳ ආයනයේ කාර්යන් ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව පරිගණක තාක්ෂණය ඔස්සේ කළමනාකරණය කර ගැනීම සඳහා භාවිතා කරන ජාතියන්තර විවෘත කේත මෘදුකාංගයක් වන Open Source Point of Sale (OSPOS) මෘදුකාංගයෙහි සිංහල භාවිත යෙදුමයි. මෙම වටිනා ජාතියන්තර POS මෘදුකාංගය ශ්‍රී ලංකාවේ සිටින ව්යාපාරිකයන්හහට ඉතා පහසුවෙන් භාවිතා කිරීම පිණිස KDKTEC ආයතනය, මෙම මෘදුකාංගය අප රටට අඳාළ සැකසීම් වලට අනුව යාවත්කාලීන කර, ශ්‍රී ලාංකික ව්‍යාපාරික ආයතන වෙත ලබා දෙයි. මේ සඳහා KDKTEC ආයතනය එක් වරක් පමණක් රු 20,000 ක මුදලක් අය කරන අතර මෙසේ ලබා ගන්නා මුදලට සරිලන ලෙස පද්ධතිය ස්ථාපිත කිරීමේ සිට ඔබට අවශ්‍ය සියළුම සහය සේවයන් KDKTEC ආයනය මඟින් ඔවුන්ගේ පාරිභෝගික ව්‍යාපාර ආයතන වෙත මැනැවින් ලබා දෙනු ලබයි.
මෙසේ ඔබට ලබාදෙන OSPOS පද්ධතිය පිළිබඳ ඔබට අවශ්‍ය වන මූලික භාවිත උපදෙස් දැන ගැනීමටත්, මෙම විකුණුම් පද්ධතිය භාවිතා කිරීමේදී ඔබට පැන නගින ගැටළු වලට විසදුම් ඔබටම ඉතා පහසුවෙන් සොයා ගැනීමට මෙන්ම, පද්ධතිය පිළිබඳ ස්වයං අධ්‍යනයක යෙදීම සඳහාත් ඔබට මෙම භාවිත අත්පොත යොදා ගත හැකි වනු ඇත.
මෙම අත්පොතට පිවිසීමට https://osposguide.kdktec.net වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න.
මෙම වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් පසුව වම් පස මෙනුවෙන් ඔබට වෙබ් අඩවිය භාවිතා කිරීමට අවශ්‍ය භාශාව තේරා ගැනීමට අමතක නොකරන්න.
KDKTEC OSPOS විකුණුම් පද්ධති මඟින් ඔබගේ ව්‍යාපාරයට ලබා දෙන මූලික පහසුකම් මෙසේය:
- භාණ්ඩ හා සේවා විකුණුම් පද්ධතිය හෙවත් Point of Sale (POS) පහසුකම
- ඔබගේ ව්‍යාපාරයේ භණ්ඩ හා සේවා වලට අදාළ තොග පාලන පහසුකම හෙවත් Inventory Control
- පාරිභෝගික සබඳතා කළමනාකරණය හෙවත් Customer Relationship Management (CRM)
- ව්යාාරික වාර්තා හොවත් Business Reporting සහ සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානයකට අවශ්‍ය සියළුම පහසුකම්
මෙම විකුණුම් පද්ධතිය මඟින් ඔබගේ ව්‍යාපාරික ස්ථානයට ලබා ගත හැකි අනේකුත් සියළුම පහසුකම් පිළිබඳව දැන ගැනීම සඳහා අපගේ මූලික සැරිය මෙනුවට ප්‍රවේශ වන්න.
මෙම විකිණුම් පද්ධතිය තුල අඩංගු එක් එක් මොඩුයුලය පිළිබඳව විස්තරාත්මකව තොරතුරු කියවීමට අවශ්‍ය නම් මෙම වෙබ් අඩවියේම භාවිත අත්පොත මෙනුවට ප්‍රවේශ විය හැකි අතරම, මෙම විකිණුම් පද්ධතිය ඉතා කාර්යක්ෂමව භාවිතා කිරීමට අවශ්‍ය ඉගි පිළිබඳ දැන ගැනීම සඳහා මෙම වෙබ් අඩවියේම ඉහලින් ඇති ඉගි මෙනුවට ප්‍රවේශ විය හැක.
එමෙන්ම මෙම විකිණුම් පද්ධතිය දැනට භාවිතා වන විවිධ ව්‍යාපාරික අංශ පිළිබඳ ලිපි කියවීම සඳහා භාවිත කර්මාන්ත අංශ මෙනුවට ප්‍රවේශ විය හැකි අතරම මෙම විකිණුම් පද්ධතියට අඳාළ තොරතුරු අඩංගු වෙනත් ලිපි පල කිරීම් කියවීමට අවශ්‍ය නම් අඳාළ වෙනත් ලිපි මෙනුවට ප්‍රවේශ වන්න.
මෙම විකුණුම් පද්ධතියක් ඔබට මිලදී ගැනීමට අවශ්‍යනම් දැන්ම මෙතන ක්ලික් කරන්න.