ඔබගේ වායු තුවක්කුව භාවිතයේ දී පිළිපැදිය යුතු කරුණු

ඔබගේ වායු තුවක්කුව දිගු කාලයක් හොඳින් භාවිතා කිරීමට පහත උපදෙස් හොඳින් පිළිපදින්න.

  1. තුවක්කුව භාවිතා කරණ සෑම අවස්ථාවකටම පුසුව තුවක්කු බඳ, බැරල් එක හා අනෙකුත් ලෝහමය කොටස් ඔයිල් තවරා පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දමා ආරක්ෂිතව තැම්පත් කරන්න.
  2. වෙඩි තැබීම් අවස්ථා 50 කට වරක් / සති 02 කට වරක් තුවක්කු බැරල් සිදුරට (උණ්ඩය දමන සිදුරට) හා තුවක්කුවේ නැවෙන කොටස් / තැන්වලට ඔයිල් අවශ්‍ය ප්‍රමාණයට යොදන්න. මේ සඳහා සිංගර් ඔයිල් වැනි සුමුදු ඔයිල් වර්ගයක් පහණක් භාවිත කල යුතු වේ. බැරල් සිදුරට ඔයිල් දැමූ පසු තුවක්කු කට පහළට හරවා කොකා අදින්න. (Pull the trigger). එවිට වැඩි ඔයිල් ප්‍රමාණය ඉවත් වේ.
  3. සති 02 කට වරක් තුවක්කු බඳ (Rifle Butt) හා ලෝහමය කොටස (Barrel) සම්බන්ධ වී ඇති ඇණ හොඳින් සවි වී ඇත් දැයි පරීක්ෂා කරන්න. වෙඩි තැබීමේ දී ඇති වන ගැස්සීම නිසා මෙම ඇණ බුරුල් විය හැකි බැවින් මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු වන්න.
  4. සතුන් පලවා හැරීම සඳහා තුවක්කුව ලෝඩ් (Load) කර විනාඩි 02 ක් තුල වෙඩි තබා අවසන් කළ යුතුය. කිසිම අවස්ථාවක තුවක්කුව ලෝඩ් කර තොතිබිය යුතු අතර සතෙකු පැමිණි විට පමණක් තුවක්කුව ලෝඩ් කර සතුන් පලවා හැරිය යුතුය. එමෙන්ම වෙඩි තැබීමේ දී අනිවාර්යෙන්ම තුවක්කු සිදුරට උණ්ඩ යෙදිය යුතු වේ. උණ්ඩ නොදමා වෙඩි තැබීමෙන් (Blank fire) තුවක්කුවට හානි සිදු වේ.
  5. වෙඩි තැබීම් අවස්ථා 200-250 කට වරක් / මාස 03 කට වරක් තුවක්කුවේ පිස්ටන් සිදුර තුලට ඔයිල් බිදු 03 ක් පමණක් යොදන්න. පිස්ටන් එක තුල ඔයිල් වැඩිපුර යෙදුවහොත් තුවක්කුවට හානි සිදු වේ. එබැවින් පිස්ටන් එක තුලට ඔයිල් දැමීමේ දී ප්‍රවේශමෙන් ඔයිල් යෙදිය යුතුය.
  6. තුවක්කුව සෑම විටම ආවරණයත් තුල බහා ආරක්ෂිතව තැබිය යුතු වේ. මේ සඳහා නිර්දේශිත තුවක්කු බහාලුම් කවර (Rifle casing) භාවිතා කරන්න. එසේ භාවිතා නොකිරීමෙන් තුවක්කුව මතුපිට මලකඩ බැඳීම, සීරීම් ආදිය ඇති වී තුවක්කුව විනාශ විය හැක.
  7. ඔබ තුවක්කුව මිල දී ගෙන වසරක් සම්පූර්ණ වන විට ඔබගේ තුවක්කුව සර්විස් (Service) කල යුතු වේ. එබැවින් වසරක් ගත වූ විට ඔබ තුවක්කුව මිල දී ගත් ස්ථානයට තුවක්කුව භාර දී සර්විස් කර ගැනීමට කටයුතු කරන්න. මෙසේ සෑම වසරකටම වරක් සර්විස් කර ගත යුතු වන අතර එමගින් තුවක්කුවේ ආයු කාලය වැඩි කර ගත හැක.
  8. ශ්‍රී ලංකාව තුල වායු තුවක්කු භාවිතය සඳහා අවසරය ලබා දී ඇති පනත වන 1996 අංක 22 දරන තුවක්කු (සංශෝධන) පනත භාගත කර ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න.

ඔබටත් වායු තුවක්කුවක් මිල දී ගැනීමට අවශ්‍ය නම් මේ දැන්ම අපගේ ඔන්ලයින් කඩය වෙත HTTPS://SHOP.PCWORLD.LK ඔස්සේ පිවිසෙන්න.

Rate this item
(0 votes)
K Dinesh Kumara

Founder and Editor, of PC World Online Magazine

I'm an Entrepreneur and an Educator. I like ICT, Psychology, Financial Literacy, Meditation, and Yogic Sciences. Discovering, learning, experiencing, and sharing is my hobby.

Leave a comment

Dear valued users,

We welcome you to the PC World Magazine Website and appreciate your interest in commenting on our articles. This platform is intended for thoughtful discussions and exchanging ideas and information related to the topic of the article. However, please be mindful that we do not tolerate any illegal activities or marketing purposes. Misusing the comment section for such purposes will result in the immediate removal of the comment and could result in the termination of your account. We ask that you keep your comments respectful, on-topic, and relevant to the article. Additionally, please do not post personal information, hate speech, or offensive content. Thank you for your cooperation in creating a positive and productive environment for all users on the PC World Magazine Website.

Best regards,
PC World Magazine Team

1 comment

  • aliemia

    aliemia - බ්‍රහස්පතින්දා, පෙබරවාරි 23 2023

    Comparison of patients with enterococcal bacteremia due to strains with and without high level resistance to gentamicin is generic cialis available

    Report

The Technology Video of The Day

එන්න අදම අපේ YouTube වැනල් එකට

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.

KDKTEC AND PC World Online Television

Email Newsletter Subscription

Fill out the subscription form by providing your email address and name. Click on the "Subscribe" button to complete the process.


Receive HTML?

Thank you for choosing to stay updated with our latest news and offerings!
Joomla Extensions powered by Joobi

කාණ්ඩ අනුව ලිපි එකතුව

දින අනුව ලිපි සංරක්ෂිතය

« March 2023 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

පැමිණීම් ගණකය

052708413
අද දිනය
ඊයේ දිනයේ
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දිනවල
19695
54290
299644
51517721
1859751
1671166
52708413
ඔබේ අයිපී අංකය: 44.200.171.156
2023-03-31 09:00
Go to top