> >

How Use and Maintain Your Air Rifle / Gun Detailed Sinhala Guideline

ඔබගේ වායු තුවක්කුව දිගු කාලයක් හොඳින් භාවිතා කිරීමට පහත උපදෙස් හොඳින් පිළිපදින්න.

  1. තුවක්කුව භාවිතා කරණ සෑම අවස්ථාවකටම පුසුව තුවක්කු බඳ, බැරල් එක හා අනෙකුත් ලෝහමය කොටස් ඔයිල් තවරා පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දමා ආරක්ෂිතව තැම්පත් කරන්න.
  2. වෙඩි තැබීම් අවස්ථා 50 කට වරක් / සති 02 කට වරක් තුවක්කු බැරල් සිදුරට (උණ්ඩය දමන සිදුරට) හා තුවක්කුවේ නැවෙන කොටස් / තැන්වලට ඔයිල් අවශ්‍ය ප්‍රමාණයට යොදන්න. මේ සඳහා සිංගර් ඔයිල් වැනි සුමුදු ඔයිල් වර්ගයක් පහණක් භාවිත කල යුතු වේ. බැරල් සිදුරට ඔයිල් දැමූ පසු තුවක්කු කට පහළට හරවා කොකා අදින්න. (Pull the trigger). එවිට වැඩි ඔයිල් ප්‍රමාණය ඉවත් වේ.
  3. සති 02 කට වරක් තුවක්කු බඳ (Rifle Butt) හා ලෝහමය කොටස (Barrel) සම්බන්ධ වී ඇති ඇණ හොඳින් සවි වී ඇත් දැයි පරීක්ෂා කරන්න. වෙඩි තැබීමේ දී ඇති වන ගැස්සීම නිසා මෙම ඇණ බුරුල් විය හැකි බැවින් මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු වන්න.
  4. සතුන් පලවා හැරීම සඳහා තුවක්කුව ලෝඩ් (Load) කර විනාඩි 02 ක් තුල වෙඩි තබා අවසන් කළ යුතුය. කිසිම අවස්ථාවක තුවක්කුව ලෝඩ් කර තොතිබිය යුතු අතර සතෙකු පැමිණි විට පමණක් තුවක්කුව ලෝඩ් කර සතුන් පලවා හැරිය යුතුය. එමෙන්ම වෙඩි තැබීමේ දී අනිවාර්යෙන්ම තුවක්කු සිදුරට උණ්ඩ යෙදිය යුතු වේ. උණ්ඩ නොදමා වෙඩි තැබීමෙන් (Blank fire) තුවක්කුවට හානි සිදු වේ.
  5. වෙඩි තැබීම් අවස්ථා 200-250 කට වරක් / මාස 03 කට වරක් තුවක්කුවේ පිස්ටන් සිදුර තුලට ඔයිල් බිදු 03 ක් පමණක් යොදන්න. පිස්ටන් එක තුල ඔයිල් වැඩිපුර යෙදුවහොත් තුවක්කුවට හානි සිදු වේ. එබැවින් පිස්ටන් එක තුලට ඔයිල් දැමීමේ දී ප්‍රවේශමෙන් ඔයිල් යෙදිය යුතුය.
  6. තුවක්කුව සෑම විටම ආවරණයත් තුල බහා ආරක්ෂිතව තැබිය යුතු වේ. මේ සඳහා නිර්දේශිත තුවක්කු බහාලුම් කවර (Rifle casing) භාවිතා කරන්න. එසේ භාවිතා නොකිරීමෙන් තුවක්කුව මතුපිට මලකඩ බැඳීම, සීරීම් ආදිය ඇති වී තුවක්කුව විනාශ විය හැක.
  7. ඔබ තුවක්කුව මිල දී ගෙන වසරක් සම්පූර්ණ වන විට ඔබගේ තුවක්කුව සර්විස් (Service) කල යුතු වේ. එබැවින් වසරක් ගත වූ විට ඔබ තුවක්කුව මිල දී ගත් ස්ථානයට තුවක්කුව භාර දී සර්විස් කර ගැනීමට කටයුතු කරන්න. මෙසේ සෑම වසරකටම වරක් සර්විස් කර ගත යුතු වන අතර එමගින් තුවක්කුවේ ආයු කාලය වැඩි කර ගත හැක.
  8. ශ්‍රී ලංකාව තුල වායු තුවක්කු භාවිතය සඳහා අවසරය ලබා දී ඇති පනත වන 1996 අංක 22 දරන තුවක්කු (සංශෝධන) පනත භාගත කර ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න.

ඔබටත් වායු තුවක්කුවක් මිල දී ගැනීමට අවශ්‍ය නම් මේ දැන්ම අපගේ ඔන්ලයින් කඩය වෙත HTTPS://SHOP.PCWORLD.LK ඔස්සේ පිවිසෙන්න.

Rate this item
(0 votes)

Leave a comment

Please do not enter any marketing or illegal statements | කරුණාකර අලෙවිකරණ හෝ නීති විරෝධී ප්‍රකාශන ඇතුළත් නොකරන්න.

More in this category:

Subscribe to Weekly Email Newsletter




Joomla Extensions powered by Joobi

Articles Archive

Articles Calendar

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
011348580
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
2977
60922
398470
9966222
331242
2071704
11348580
Your IP: 18.210.12.229
2021-03-06 01:20

Video Of The Day

Go to top